Palm දූපත් යනු එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් මුහුදු තීරයේ කෘතිමව සාදන ලද දූපත් දෙකකි.ඒ Palm Jumeirah සහ Palm Jebel Ali යන දූපත්ය,මෙම දූපත් සංකල්පය ඩුබාහි පාලකයා වූ ෂේක් Mohammed bin Rashid Al Maktoum ගේ වන අතර, කෙමෙන් කෙමෙන් අඩුවන් තෙල් ආදායමට ඉදිරි කාලයේ විකල්පයක් ලෙස සංචාරක කර්මාණ්තය දියුණු කිරීම අරමුණ වී තිබේ.මෙහි ඉදිකිරීම් සිදුකරනු ලබන්නේ එක්සත් අරාබි එමිරේට්ස් හි ඉඩකඩම් සංවර්ධන ආයතනයක් වන නකීල් දේපළ සමාගමයි.ලෝකයේ ඉඩම් ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ විශේෂඥතාවක් උසුලන බෙල්ජියානු හා ඕලන්ද කැනීම් හා සාමුද්‍රික කොන්ත්‍රාත්කරුවකු වන ජාන් ඩි නුල් සහ වෑන් ඕර්ඩ් කුලී පදනමින් ඊට සහය කැරගෙන තිබේ.
පලමුව මෙය Palm Deira නමින් තවත් විශාල දූපතක්ද සහිතව දූපත් තුනක් ලෙස සෑදීමට සැලසුම් කර තිබුනද පසුව මෙය Deira Island නමින් වෙනස් කරන ලදි.
Palm Jumeirah දූපත 2009 වර්ෂයේදී විවෘත කළ අතර එමගින් වර්ග කි.මී. 520ක් ඩුබායි මුහුදු තීරයට අමතරව එක් විය. 2007 වන විටත් එහි පවුල් 500ක් පමණ පදිංචිව තිබුණි. එහි නිවාස සංකීර්ණ, හෝටල්, විනෝද උද්‍යාන යනාදි නොයෙකුත් පහසුකම්වලින් සමන්විත වන අතර මොනෝ රේල් පද්ධතියක් ද එ් තුළ ස්ථාපිත කර ඇත.
Palm Jebei Ali දූපතේ විශාල උද්‍යාන හතරක් නිර්මාණය කිරීමට මේ වනවිට සැලසුම් කර ඇත. මෙය නිර්මාණය කිරීම 2002 දී ආරම්භ වූ නමුත් 2009 දී ඩුබායි ආර්ථික අවපාතය නිසා මෙම ඉදි කිරීම් තාවකාලිකව නතර විය
0 comments:
Post a Comment