Thursday, June 22, 2017

Gems in Sri lanka

                   මැණික් යනු ස්වභාවිකව අකාබනික ක්‍රියාවලියකින් නිර්මාණය වන්නා වූ ඝන ද්‍රව්‍ය වන අතර බහුතරයක් දීප්තිමත් වර්ණයෙන් යුක්ත පාෂාණ තුළ නිර්මාණය වන ඛනිජ වේ.
ශ්‍රී ලංකාව “ මැණික් ගල් සහිත දිවයින” නම් වූ “රත්නද්වීපය” ලෙස හඳුන්වා ඇත,ලෝකයේ මැණික් ලැබෙන ප්‍රධාන රටවල් පහ අතුරින් ශ්‍රී ලංකාවද එකකි. ශ්‍රී ලංකා භූමි භාගයෙන් 90% පමණ පොළෝතලයෙහි මැණික් නිධන්ගතව ඇති බව සාධනය කොටගෙන ඇති අතර රත්නපුර , බදුල්ල , මාතලේ ආදී ප්‍රදේශයෙහි මැණික් නිධි දැකිය හැකියි.
                  ලෝකයේ දැනට හඳුනාගත් මැණික් වර්ග 200ක් පමණ ඇත. ඒ අතුරින් 75ක් පමණ මැණික් වර්ග ශ්‍රී ලංකාවේදී හමුවී තිබේ,
ශ්‍රී ලංකාවේදී හමුවන මැණික් වර්ග අතර, කොරන්ඩම් -Corundum, කණක, කිරිංචි , පඩියන්, තරිප්පු, ජාගුන් , රබහා , තෝරමල්ලි, පළිඟු හා ෆේල්ඩ්ස්පාර් -feldspar වෙයි.ශ්‍රී ලංකාවේදී දැනට හමුව ඇති විශාලම මැණික් ගල් දෙක වන්නේ, නිල් මැණික හා කණක වෛරෝඩියයි.1254 ඉපිද. 1324 දී මියගිය ඉතාලි ජාතික වෙළෙඳ සංචාරකයකු වූ මාර්කෝ පෝලෝ , ශ්‍රී ලංකාවේ හොඳම කොරොන්ඩම් කුලයට අයත් නිල් මැණික්‌, රතු කැට, පුෂ්පරාග, පද්මරාග ටොපෑස්‌ (padiun) ඇමතිස්‌ථ (අඹතෙස්‌) යන මැණික්‌වලින් පිරුණු බිමක්‌ බව තම සටහන්වල දක්‌වා තිබේ.
                 ලංකාවේ මැණික් නිධි අවසාදිත තැන්පතු හා විපරිත තැන්පතු ලෙස වෙන් කළ හැක. අවසාදිත තැන්පතු නැවත දියළු,වාළු හා අවශේෂ තැන්පතු ලෙස බෙදිය හැක. මෙම නිධි ප්‍රධාන ලෙස ස්ථානීය හා ස්ථානයෙන් බැහැර ලෙස වෙන් කළ හැක. බොහෝ මැණික් නිධි(තැන්පතු) පිහිටන්නේ ගලායන දොළ පහරවල් හා ගංගා ගලායන නිම්න ආශ්‍රිතවය. මැණික් සහිත පස ඉල්ලම ලෙස හඳුන්වන අතර එය ජලයෙන් සේදීමෙන් මැණික් මතු කර ගනී. මෙම තැන්පතුවලින් මැණික් වෙන් කර ගැනීම සඳහා ක්‍රම කිහිපයක් පවතී.ඒවා ගැඹුරු පතල් කැණීම,විවෘත පතල්(පතහ) කැණීම,ගඟ ඇදීම හා මතුපිට කැණීම ලෙස දැක්විය හැක.මෙලෙස ගොඩ ගන්නා මැණික් කපා ඔප දමා විවිධ නිර්මාණ සඳහා යොදා ගනී.
වර්තමානයේ දී මැණික් පතල් කැණීම පිණිස මහා පරිමාණ යන්ත්‍ර සූත්‍ර යොදා ගෙන අවිධිමත් ලෙස සිදු කිරීම,නීති විරෝධී ලෙස පතල් කැණීම ආදිය දැකිය හැක.

0 comments:

Post a Comment